Saturday, January 13, 2018

සොයා යමි....



සොයා යමි....

"
පොඩ්ඩක් තේරුම් ගන්න බබා... මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.මං කොහොමද මගෙ ලෙඩ ඇඳේ ඉන්න අම්මා දිහා බල බලා මං කොහොමද එයාලට අකීකරු වෙන්නෙ..."
"
ඔව් ඉතිං ඔයාට හැමදාම පවුලේ අය මිසක් මාව වටින්නෙ නෑනෙ.අන්තිමට ඔයත් මාව රැවැට්ටුවා සුවහස් ."
"
අනේ මැණික..."
මා තවත් යමක් කීමට පෙර ඇය හඬමින්ම දුරකථනය විසන්දි කලාය.
මා දෑතින්ම හිස බදාගෙන ඇඳ විට්ටමට හේත්තු වී දෑස පියා ගතිමි.
"
මං මල්කිට කතා කරන්නද?"හසුනි මා ළඟ සිටගෙන සිටිනවා මා දුටුවේ එවෙලේය.
"
මොනවද?" මම ඇය දෙස නොබලාම ඇසුවෙමි.
"
එයාට තේරුම් කරල දෙන්න..."
"
අපේ ප්රශ්න අපි විසඳගන්නම්. ඔයා මැදිහත් වෙන්න එපා" ඇය තවත් යමක් කීමට පෙර මම කියා දැමුවේ මා ඇය නුරුස්සනා බව හැඟවීමටමයි.
"
වුණාට තාම විසඳගත්තෙ නෑනෙ නේද ?"ඇය සිනාසුනේ උපහාසයටදැයි මම නොදනිමි. මා පිළිතුරක් දීමට පෙරම ඇය ඇගේ දුරකතනයෙන්ම මල්කි ඇමතුවේ මගේ දුරකතනයට මල්කි පිළිතුරු නොදෙන බව දන්න නිසාම වෙන්න ඇති.
"
ප්ලීස් මල්කි ෆෝන් එක තියන්න නම් එපා. මං ඔයාට බනින්නවත් ඔයාගෙන් බැනුම් අහන්නවත් නෙමෙයි කතා කරන්නෙ.ඔයාගෙ වැරදි වැටහීම නැති කරන්න.."
.................................................................
"
සුවහස් කියන්නෙ ඇත්ත. මේක සුවහස්වත් මමවත් කැමැත්තෙන් වෙච්චි කසාදයක් නෙමෙයි.මේක උනේ අපේ ගෙවල්වල කැමැත්තට.මේ වෙලේ අපිට කරන්න තිබ්බ හොඳම එකම දේ මේක"
.................................................................
"
ඔයා බය වෙන්න එපා.මං කවදාවත් ඔය දෙන්න මැද්දට එන්නෙ නෑ.ඒක මගෙ පොරොන්දුවක්.අපිට ටික කාලයක් දෙන්න සුවහස්ව සැක කරන්න එපා.එයා තාමත් ආදරේ ඔයාට"
.................................................................
ඇය තවත් මොනවා කීවාදැයි මට මතක නැත.ඇත්තටම මම පුදුම වී සිටියෙමි.වෙන කෙල්ලෙක් නම් තම මංගල දින,තම ජීවිතයේ වැදගත්ම රාත්රියේදී තම සැමියා තම පරණ පෙම්වතිය සමඟ කතා කරයි නම් කොහොම හැසිරෙයිද?ඒත් මැය.....මා ඇසිපිය නොහෙලා දෙස බලා සිටියෙමි.
"
සුවහස්...." මා නැවතත් පියවි සිහියට ආවේ ඇගේ ඇමතීමෙනි. 
"
මොකද බයවෙලා...මාව විශ්වාස නැද්ද..බය වෙන්න එපා.මං මල්කිට කිව්වෙ බොරු නෙමෙයි.මං ඔයාල අතරමැදට එන්නෙ නෑ"
"
ත්..ත්..තැන්ක්යූ"මා යන්තම් කියාගත්තෙමි.
"
හසුනි..."
"
ම්..."
"
ඔයා මැරි කරන්න කලින් මායි මල්කියි ගැන දැනන් හිටියද?"මගේ හිතේ දඟ කෑ ප්රශ්නය ඇසුවෙමි.
ඇයගේ දෙතොලේ සිහින් සිනහවක් ඇඳිනි."හ්ම්..ඔයාලගෙ අම්ම මට කිව්වා"
"
ඉතිං එහෙනම් මාව බඳින්න කැමති උනේ??"
"
තාත්තා වෙනුවෙන්"
"
කියන්නෙ ඔයාටත් මට වගෙ ආදරේ කරන වෙන කෙනෙක් ඉන්නවද?"
"
නෑ" කෙටියෙන් පැවසූ ඇය ඇඳ මත තිබූ ඇගෙ කොට්ටයද ශීට් එකද රැගෙම ගියේ සෝෆාව මතටය.
"
එහෙනම්...?"
"
බැඳීම් අපේ ජීවිතේට ලොකු බරක් සුවහස්,බැඳීම් නැති ජීවිතේ හරිම සැහැල්ලුයි."
"
මොකක්..." දුන්නේ මාව තව තවත් පටලන පිළිතිරකි.
"
මට නිදිමතයි සුවහස්..ඔයත් නිදාගන්න...",ඇය ශීට් ඇඟ පුරාම පොරවාගෙන අනෙක් පස හැරෙනු කාමරය තුළ වූ ළා එළියෙන් දුටිමි.
කාලය දින සති මාස වලට පෙරලී ගලා යද්දී මමත් හසුනිත් හොඳ මිතුරන් වී සිටියෙමු. අඹු සැමියන් ලෙස එක යහන බෙදා නොගත්තද ඇය බිරිඳක් අතින් සිදුවිය යුතු සෑම යුතුකමක්ම නොපිරිහෙලා ඉටුකල අතර සොයුරියක් සේ මා අසළ සිටියාය.බොහෝ විට මාත් මල්කිත් අතර ඇතිවන සුළු ප්රශ්න පවා ඇය මැදහත් වී විසඳා දුන්නාය.
ඇත්තෙන්ම ඇය පුදුම කෙල්ලෙකි.ඇය සරලය.බොහෝ කෙල්ලන් ළඟ පවතින අරුමෝසම් දිය සායම් ඇගේ ලෝකයේ නැත.කිසිම දෙයක් ගැන ඕනවට වඩා සිතීමේ පුරුද්දක් ඇයට ඇත්තේම නැත. නමුත් සැහැල්ලු කෙල්ල තුල සැඟවුණු බොහෝ ඇසූපිරූ තැන් ඇති බුද්ධිමත් කාන්තාවක් සිටින බව මා දැනගත්තේ අපේ විවාහයෙන් සෑහෙන කලකට පසුය. නොම්මර එකේ පොත් ගුල්ලියක් වූ ඇගේ ජීවිතාවබෝදය හා සමහර පැහැදිලි කිරීම් සංකීර්ණ වුවත් හරි අපූරුය.
කොහොම නමුත් හසුනි ගැන මගේ හිතේ ඇති පැහැදීම දිනෙන් දින වැඩිවන විට මල්කි තුළ ඇය කෙරෙහි වූ නුරුස්සනා ගතියද අනුලෝමව වැඩි විය. ගැහැණියකට ඊර්ශ්යා කිරීම ගැහැණු ගතිය බැවින්ද, මල්කි යනු ලේසියෙන් කිසිවක් පහදා දිය නොහැකි චරිතයක් බව මා අත්දැකීමෙන්ම දන්නා නිසාද මම පිළිබඳව වැඩිය සිතන්නට ගියේ නැත.
.................................................................
"
සුවහස්...මගෙ තාත්තා ආයෙමත් අසනීප වෙලා.මං ගිහින් ටික දවසක් තාත්තා ළඟ නතර වෙන්නද?"
"
ඉතිං හසුනි ඕක මගෙන් අහ අහ ඉන්න දෙයක්ද?යමු මං ඔයාව ඇරලලා එන්නම්.ඔයා දන්නවනෙ මේ බිස්නස් වැඩ නැත්තම් මාත් ඉන්නවා ඔයත් එක්ක."
"
මං දන්නව සුවහස්,මට තේරෙනව..මං ඔයාලගෙ අම්මට කතා කරල කිව්ව පුලුවන්නම් සෝම නැන්දව දවසකට දෙකකට මෙහෙට එවන්න කියලා"
"
අයියෝ ළමයො..ඔයාටනම් පිස්සු.මට පුලුවන් තනියම මගෙ වැඩ ටික කරගන්න. කෝ..දැන්මම ගිහින් ලෑස්ති වෙන්න.එතකොට මට ඔයාව ගිහින් දාලා අද ඉඳලා හෙට උදේම ආයෙ එන්න පුලුවන්නෙ.."
"
තෑන්ක්ස් සුවහස්.."
.................................................................
හවස ගෙදර එනවිට හසුනි නැති පාළුව නොදැල්වෙන බුදු පහන හොඳින්ම කියා පෑවේය.වෙනදාට වෙහෙස නිවන හසුනිගේ පදමට කිරි කහට දැමූ තේ එක ගැන සිතමින් මම එහෙමම පුටුවකට බරවීමි. නැවතත් මා නැගිට්ටේ නිවසේ විදුලි සීනුව නාද වන හඬටයි. දොර අරින විට ට්රැවලින් බෑග් එකකුත් රඳවා ගෙන සිනාසී බලා සිටින මල්කි දුටු විට මගේ කට ඇරුනේ නිරායාසයෙනි.
"
මේ...මොකද මල්කි මේ..කොහෙ යන්නද?"
"
කොහෙ යන්නද..මෙහෙ ආවා මිසක්"
"
මෙහෙ මේ ඇඳුනුත් උස්සගෙන?"
"
ඔව්..හසුනි මට කිව්වා මේ දවස් ටිකේ එයා ගෙදර නෑ කියල..ඉතිං මං ආව මගෙ මහත්තයව බලාගන්න." ඇය හුරතල් වෙමින් පැවසීය.
"
මල්කි..තමුසෙට පිස්සුද? මං තාම බැඳපු මිනිහෙක්.ගෙදර ගෑණි නැති වෙලේ වෙන ගෑණියෙක් ගෙදරට වෙලා ඉද්දි මිනිස්සු මොනා නොකියයිද? අනික...අනික..හැදිච්ච ගෑණු ළමයෙක් එන ගමනක්ද තමුන් මේ ආවෙ?"
බලා සිටියදී ඇගේ දෑසේ කඳුලු පිරිණි.
"
ඔයාට මාව දැන් පේන්නෙ නැහැදිච්ච ගෑණියෙක් වගේද සුවහස්,..බැඳපු මිනිස්සුන්ගෙ ඇඟේ එල්ලෙන ගෑණියෙක් වගේද..ඔයා මත්තෙම ඉඳල ආදරේ කරනවට මට ඔහොම කියල මදි...සුවහස්"
ඇය කියවමින් හඬයි.මට ඇය ගැන බොහෝ දුක සිතිනි.ඇත්තය දුර දිග නොබලා වැඩ කිරීම ඇගෙ හැටිය.මට මීට වඩා හොඳින් ඇයට කතා කිරීමට තිබුනි.
"
මේ බලන්න මැණික..."මා ඇගේ දෙවුරහිසින් අල්ලා ඇගේ මුහුණට එබුනෙමි.
"
මං දන්නව මැණික..ඔයා මට ගොඩක් ආදරෙයි.ඒත් මේ වැඩේ වැරදියි.මටත් වඩා ඔයාටයි මේව හොඳ නැත්තෙ. හින්ද දැන් හොඳ ළමය වගේ ආපහු යන්න. අපි හිටියා වගේ මේ ටික කාලෙත් ඉවසමු..ම්..මං ගිහින් අරලින්නම්..යමු."
මා කී දේවල් කොහොම තේරුම් ගත්තාදැයි මම නොදනිමි.එහෙත් යන තුරුම අපි අතර කිසිදු කතාබහක් ඇතිවුනේද නැත.
හසුනි තාත්තා ළඟට ගොස් හරියටම සතියකින් ඔහු මෙලොව හැර ගියේය.හසුනි මෙලොව ආදරය කරන එකම මිනිසා ඇගේ තාත්තාය.ඔහුගේ වියෝව ඇයට දරා ගැනීම අපහසු බව මම දනිමි. නමුත් එහමෙහා දුවපනිමින් මළගෙදර වැඩ කටයුතු සොයා බලමින් කඳුලු උනන නෙත් පාලනය කරගැනීමට ඇය දරණ අසාර්ථක උත්සාහය මගෙන් වසන් කරන්නට ඇයට නොහැකිය.
මා කාමරයට ගොස් ඇයට කතා කලෙමි.
"
හසුනි...පොඩ්ඩක් ඇවිත් මෙතනින් වාඩිවෙන්න."මං ඇඳේ ඉඳගෙනම ඇයට මා ළඟින් වාඩිවෙන්නට කීවෙමි.මෙතුවක් කාලයකට එකම නිවසක අප දෙදෙනා පමණක් සිටියදීවත් මා ඇයට මෙලෙස කතා කල නැති නිසාදෝ ඇයගේ මුහුනේ වූයේ කුතුහලයකි.මම නැවත නැගිට ගොස් කාමරයේ දොර අඩවන් කර පැමිණ ඇය අසළින්ම ඉඳගත්තෙමි. කෙතරම් පුදුම වූවාද යන්න ඇගේ දෑස් වලින් මට පෙනින.
"
හසුනි..මේ අහන්න." මා කතා කලේ ඇගේ දෑතම මගේ දෑතින් අල්ලාගෙනයි. "මං දන්නවා ඔයා තත්තට කොච්චර ආදරේද කියලා.ඔයාට තාත්තා නැති දුක දරාගන්න බැරි තරම් දැනෙනවා. ඔයා ඒක හංගන්න හැදුවට ඔය ඇස් වලින් මට ඒක පේනව දරුවෝ.බලන්න..ඔයා ඊයෙ ඉඳලම වතුර උගුරක්වත් බීල නෑ.මං දන්නවා..ඔයා ඔහොම දුව දුව මහන්සි වෙන්නෙ ඔය දුක යටකරගන්න කියලා. ඒත් ඔහොන වෙන්න එපා...මට..බයයි ඔයා ගැන...අඬන්න ඕනෙ නම් අඬන්න ඔය දුක ඉවරවෙනකම්ම.ඒත් ඔහොම ඉන්න එපා ඔයාව අසනීප වෙයි. මේ බලන්න...ඔයා තනිවෙලා නෑ හසුනි.මං හැමදාම ඔයා එක්ක ඉන්නවා ඕනෙම දේකට.."
"
අනේ...සුවහස්"ඇය එක්වරම හඬාගෙන මගේ පපුවට බර විය. ඇය බොහෝ වේලාවක් එසේ හැඬුවාය.මම එක අතකින් ඇගේ හිස අතගාමින් අනෙක් අත ඇගේ බඳ වටා යවා ඇයව ළංකර ගතිමි. ගතවූ කාලය තුල හසුනි මගේ ජීවිතයේ වැදගත් කොටස්කාරියක්ව සිටියාය. පිළිබඳ මගේ සිතේ ඇතිවූ හැඟීම් ප්රේමයදැයි මම නොදනිමි. නමුත් එය රූපය හෝ රාගය ඉක්මවා ගිය පිවිතුරු උත්තරීතර සෙනෙහසක් බව බොරුවක් නොවේ. සමහරවිට මල්කි කෙනෙක් මගේ ජීවිතයේ නොසිටියේ නම් මා දෙවරක් නොසිතා ඇයට ආදරය කරනු ඇති.නමුත් දැන් ඇය මට මගේම සොයුරියක් වැනිය.ඉතිං මා මල්කි හා විවාහ වූ දිනකද හසුනිව මගේම සොයුරියක් ලෙස බලාගන්න බවට මම මගේ සිතටම පොරින්දු වීමි.
අඩවල් කර තිබූ දොර විවර වනු ඇසුනද මම එයට අවධානයක් යොමු නොකලේ තම නීත්යානුකූල සැමියාට තුරුලු වී බිරිය තම දුක බෙදා ගැනීමේ කිසිදු වරදක් නැති බැවිනි.නමුත් තත්පර කිහිපයක් ගතවුවද ඇතුළ්ට කෙනෙක් නැති නිසා දොර දෙස බැලූ මම දුටුවේ දොරින් එපිට සිට රතු කරගත් මුහුණෙන් අප දෙස බලා සිටින මල්කිය. මා දුටු විටම ගස්සාගෙන ඉවතට දිවූ ඇය පසුපස ගොස් නැවැත්වීමට මට හිත දුන්නේ නැත. එකක් නම් දැන් ඇය කිසිවිටක නවතින්නේද නැත.නැවතුනද ඇය මෙතන දෙක කරනු නොඅනුමානය.එයින් තවත් අසරණ වන්නෙ මේ අසරණියය. නිසා දැන් ඇයට යන්නට හැර පසුව අප දෙදෙනාටම එක්වී ඇයට ඇත්ත පැහැදිලි කර දිය හැකිය.
.................................................................
"
සුවහස් මට ටිකක් කතා කරන්න ඕනෙ" තාත්තාගෙ තුන්මස දානයෙන් පසු දවසක හසුනි පැමිණ ආලින්දයේ මා අසළින් අසුන් ගත්තාය.
"
ඔව්...පවසන්න උත්තමාවිය.."මට වුවමනා වූයේ ඇගේ හැඟීමක් නැති මුහුණට හිනාවක් ගෙන ඒමටය.
යන්තම් සිනාසුනු ඇය"විහිලු නෙමෙයි සුවහස්..මං දැන් මෙහෙන් යන්න කාලෙ හරි.." පිළිතුරෙන් මා ගැස්සී ගියෙමි. යම් දිනක ඇය මෙය කියන බව මා දැන සිටි නමුත් එය ඇසීමට මගේ දෙසවන් සූදානම් නොවී තිබූ බව මට දැනුනේය.
"
ඒත්..ඒත්..මේ හදිසියේ.."
"
හදිස්සියෙ නෙමෙයි සුවහස්..මං හොඳට හිතල ගත් තීරණයක්.."
"
මොකක්...?"
හ්ම්ම් ඔව් සුවහස් මේ මන් පුංචි කාලෙ ඉඳන් යන්න ආසාවෙන් හිටපු ගමනක්. ඒත් මට අවස්ථාවක් ලැබුනෙ නෑ.මං හිතන්නෙ දැන් තමයි ඒකට හොඳම කාලෙ"
"
මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ හසුනි.."
"
හ්ම්ම්..වෙන්න ඇති මං හැමදේම මුල ඉඳන් කියන්නම්.හැබැයි මැද්දෙන් ඇඩ් දාන්නෙ නැතුව අහන් ඉන්න හාද..."
"
හ්ම්ම්..."
"
අපේ අම්මා මාවයි තාත්තවයි දාල ගිහින් තියෙන්නෙ මං හුඟක් පුංචි කාලෙදිමයි.හේතුව මොකද්ද වැරැද්ද කාගෙද කියන්න මං දන්නෑ.ඒත් තාත්තා මැරෙන මොහොත වෙනකන්ම අම්මගෙ මතක හිතේ තියාගෙන ගොඩාක් දුක් වින්දා කියලා මං දන්නවා.තාත්තා බිස්නස් වැඩ වලට හිර වුණ හින්දා පුංචි කාලෙ මං හැදුනෙම මගෙ ආච්චිත් එක්ක.එයා කොහොමත් පිනට දහමට බර හුඟක් කරුණාවන්ත කෙනෙක්.මාත් මට මතක ඇති පුංචි කාලෙ ඉඳන්ම එයා එක්ක පන්සල් ගියා.හැම පෝයටම සිල් ගත්තා. දවස් වල අහපු බණ පද මගෙ පුංචි මොලේට පැහැදිලි වුනේ නැති උනාට ටික ටික ලොකු වෙද්දි මං ඒවා තේරුම් ගන්න උත්සහ කලා.
කොහොම හරි මං ටිකක් ලොකු වෙද්දි මගෙයි තාත්තගෙයි දුකට සැපට දෙකටම ළඟින් හිටිය මට මතක ඇති කාලෙ ඉඳන් මගෙ අම්ම වෙච්ච අපේ ආච්චි අම්මත් අපිව දාලා මේ ලෝකෙන් දාලා ගිය දවසෙනම් මට මතකයි මං තාත්තව බදාගෙන ගොඩාක් වෙලා ඇඬුවා.ආච්චිගෙ මරණෙන්, අම්මගෙ වෙන්වීමෙන් මම,මගේ තාත්තා විඳවන හැටි දැක්කම පොතපත කියවලා බණ අහලා තේරුම් ගන්න බැරි වුනු ගොඩක් දේවල් මං ඉගෙන ගත්තා, සුවහස්....
මං ඔයාට පළවෙනි දවසෙ කිව්ව වගේ බැඳීම් කියන්නෙ ලොකු දුකක්.අපි බැඳීම් ඇති කරගන්නෙ අපේ සතුට වෙනුවෙන්.ඒත් බැඳීම් පවත්වගෙන යන්න හරිම අමාරුයි.ඊටත් වඩා අපි ආදරෙන් රැකපු බැඳීම් නැතිවුනොත් ඒක දරාගන්න අපිට හරිම අමාරුයි.ආච්චිගෙ මරණෙන් පස්සෙ මං ලොකූ තීරණයක් ගත්තා මං කවදාවත් කිසිම කෙනෙක් එක්ක කිසිම ළඟ බැඳීමක් ඇති කරගන්නෙ නෑ කියල..ඒත් සමහර බැඳීම් තියෙනවා මේ ස්වභාවධර්මෙන් ඇති වෙච්චි අපිට වෙනස් කරන්න බැරි දේවල්. හරියට දෙමව්පියො දරුවො අතර තියෙන ලේ බැඳීම වගේ.මොන බැඳීමෙන් මිදුනත් මගේ තාත්තගෙ දුව කියන බැඳීමෙන් මට මිදෙන්න බෑ."
ඇය කතාව නවතා දිගු හුස්මක් ගත්තාය.ඇත්තෙන්ම මම ඇගේ කතාව තුල කිමිදී සිටියෙමි.
"
මට අවුරුදු14යි, මං තාත්තගෙන් සසුන්ගත වෙන්න අහද්දි.."සෙටියට බරවී සිටි මම කෙලින් වුනේ මටත් නොදැනීමයි."ඒත් තාත්තා ඒකට කැමති උනේ නෑ සුවහස්...එයාට මේ ලෝකෙ ඉන්න එකම නෑයා මේ ලෝකෙ එයාට තියෙන එකම වගේම වටිනාම බැඳීම එයාගෙන් ඈත් කරන්න එයා කැමති උනේ නෑ.ඉතිං මං හිතාගත්තා තාත්තවත් බලාගෙන මං හැමදාටම තනියෙන් ජීවත් වෙනව කියල.ඒත් ඔයාව මට යෝජනා කරනකම්ම මං අපේ කසාදෙ ගැන කිසිදෙයක් දැනන් හිටියෙ නෑ. වෙද්දි අපේ තාත්තගෙ අසනීප තත්වෙත් එක්ක එයාට විරුද්ධ වෙන්න පුලුවන් කමක් මට තිබ්බෙ නෑ.ඉතිං මං මේ කසාදෙට කැමති උනා.
ඉතිං සුවහස් මගේ තාත්ත තවදුරටත් මං ළඟ නෑ. විතරක් නෙමෙයි ඔයයි මල්කිය් හැමදාම මෙහෙම ඉඳලත් බෑ.දැන් ඔය දෙන්න එක තැනකට වෙන්න ඕනෙ. ඉතිං මං හිතන්නෙ දැන් මට මගේ ගමන යන්න කාලෙ හරි"
..කියන්නෙ.....කියන්නෙ ඔයා සිල් මෑණි කෙනෙක් වෙන්නද හසුනි හදන්නෙ.."
"
ඔව්...මං ඔයාලගෙ අම්මල එක්කත් කතා කලා.එයාලට මං තේරුම් කරල දුන්න.අම්ම කැමතියි මල්කිව ලේලි විදියට භාර ගන්න."
"
කියන්නෙ..ඔයා හැමදේම ප්ලෑන් කලාද හසුනි..මගෙන් අහන්නෙවත් නැතුව.."
"
මං දන්නව ඔයා මගෙ තීරණ වලට විරුද්ධ වෙන්නෙ නෑ කියල සුවහස්"ඇය සිනහවෙමින් පැවසුවාය.
"
මේක ගන්න.."ඇය ඇය අත වූ ෆයිල් කවරය මා වෙත දිගු කලාය.
"
මේ මොනවද?"
"
මගෙ ඔක්කොම දේපළ වල ලියකියවිලි.ඔක්කොම ඔයාගෙ නමට හරවල තියෙන්නෙ"
"
මොකක්..ඔයාට පිස්සුද හසුනි...මේව මොකටද මට"
"
නෑ සුවහස් මේව දෙන්න ඉන්න හොඅ කෙනා ඔයා..ඔයාට ඕනේ නැති උනත් ඔයාගෙ දරුවන්ගෙ අනාගතේට මේව ඕනෙ.ප්ලීස් එපා කියන්න එපා
."
අපේ අම්මලා මාව හසුනිට බැන්ඳුවේත් මේ දේපල නිසාය.දේපල ලැබේ නම් හසුනි හිටියත් නැතත් ඔවුන්ට පලක් නැත.අම්මා මල්කිට කැමති වූ හේර්හුව දැන් පැහැදිලිය.
'
..ඔයා..කවද්ද යන්නෙ..?"යන්න එපා යැයි කිව නොහැකි නිස මම ඇසුවෙමි.පැතුවේ ඇය සැමදා රැක බලා ගන්නටය.නමුත් ඇය දැන් යන්නට සූදානම් වෙයි.සිත පුරා අකුණක් කෙටුවාක් වැනි යමක් සිදුවන බව දැණිනි. ඇයගේ සතුටනම් මට ඇයට එරෙහි විය නොහැක.
"
මම හෙට යනවා.මල්කිට කතා කරන්න..මං දන්නවා පහුගිය දවස් ටිකේම ඔය දෙන්න ඉන්නෙ තරහ වෙලා කියල.හේතුව මම කියලත් මට තේරෙනවා.එයාට කතා කරන්න එයා හෙටින් පස්සෙ තේරුම් ගනියි අපි එයාට බොරුවක් කලේ නෑ කියල.මං යන්නම් උඩට මගෙ බඩු ලෑස්ති කරගන්න ඕනෙ."
ඇත්තය..එදා මළගෙදරින් පසු මල්කි මා හා කතා කලේම නැත.කිහිප වරක් උත්සහ කලද ඇයටකිසිවක් පැහැදිලි කිරීමට ඇය මට ඉඩක් දුන්නේ නැත. නමුත් මේ ආරංචිය මට කෙසේ වෙතත් මල්කිට බොහෝ සතුටට කාරණයක් බව මම දනිමි.අඩුම තරමේ දැන්වත් ඇය මාව තේරුම් ගනීවි.මම එවෙලේම ඇය ඇමතීමට උත්සහ කලද පලක් නොවිනි.මම එවෙලේම ඇයගේ බෝඩිම බලා පිටත් වූයේ ඇය මේ වෙලේ එහො සිටින බව දන්නා බැවිණි.
නමුත් එහි ගිය මා දුටුවේ මා කිසිසේත් බලාපොරිට්තු වූවක් නොවේ.මා විවාහ වූ දින විලාප තබමින් ඇඬූ, මා හැර වෙන කිසිවෙක් ගැන සිතන්නටවත් කැමති නැති බව පැවසූ මල්කි සිටියේ තවත් තරුණයෙකුට තුරුලු වී පෙම් බස් දොඩමිනි.මා දුටු වහාම ඇය ඔහුගේ අත තදින් අල්ලා ගත්තේ මට රිදවන්නට විය යුතුය.මම පිළිබඳව සිතන්නට නොගියෙමි.
"
මල්කි මට ඔයා එක්ක කතා කරන්න ඕන"
"
මට...ඕනෙ නෑ"
"
ඒත් මල්කි.."
"
මං කිව්වනෙ මට ඕනෙ නෑ.මට ඔයත් එක්ක ආයෙ කිසින සම්බන්දෙකුත් නෑ.මේ ඉන්නෙ සහන්..මං බඳින්න ඉන්න කෙනා.ඔයා වගේ මාව හොරගෑනිට තියාගන්න නෙවෙයි..නීත්යානුකූලව බඳින්න හදන කෙනා.."
"
මල්කි..තමුසෙට පිස්සුද ඕයි..මොනාද ඔය කියවන්නෙ...??"ඇගේ කන රත් වෙන්නට දෙකක් දෙන්නට තරම් ආවේගය වැරෙන් මැඬගෙන මම ඇසීමි.
"
කියන්නෙද..කියන්නෙ ඇත්ත..තමුසෙට මට වඩා අර උපාසක අම්මවනෙ ලොකු. කපටි අම්මණ්ඩි කවදාවත් තමුසෙව අත අරින්නෙ නෑ.තමුසෙ රැවටුනාට මම ආයෙ රැවටෙන්නෙ නෑ.."මගේ ඉවසීමේ රතු කට්ට පැන්නේය.මගෙ අත කෙලින්ම ගොස් නතර වුනේ ඇගේ කම්මුල මතය.
ඇය අඬාගෙනම සහන්ට තුරුලු විය.
"
මේ..අයිසෙ පව් නොදී යනවද?"සහන් කියන්නට දෙයට මං කන් නොදුන්නෙමි.
"
සොරි...මල්කි.මං ආය ඔයාට වදයක් වෙන්නෙ නෑ.සතුටින් ඉන්න."එපමණක් කියූ මම හැරී එන්නට ආවෙමි.
දුකක් නැත.දැනුනේ කල්කිරීමකි.ඇය කිසිදිනක මාව තේරුම් ගත්තේ නැත.තේරුම් ගන්නට උත්සහ කලේද නැත.
................................................................
මේ සියල්ල සිදුවී ඉතිං දැන් වසර 5කි.
"
ගොඩාක් පිං සුවහස් මාව මෙච්චර කාලයක් සහෝදරයෙක් තාත්තෙක් වගේ බලාගත්තට.මං ඔයාගෙන් ඉල්ලන එකම දේ මල්කි එක්ක මේ ගෙදර ලස්සන පවුලක් හදාගන්න.හැමදාම සතුටින් ඉන්න...බුදුසරණයි..." එදා පිටවී යන්නට මත්තෙන් මගේ දෙපා නැමැද හසුනි පැවසූ වදන් පෙළ අදටත් මට වාගෙම මතකයි.
"
ආයෙ අපි කවදාවත් හම්බෙන එකක් නැද්ද හසුනි.."නෙතු අගට මෝදු වූ කඳුල අසීරුවෙන් වළකා ගනිමින් මම ඇසුවෙමි.
වෙනදා මෙන්ම සැහැල්ලුවට සිනාසුනු ඇය"සංසාරෙ ගොඩක් දිගයි සුවහස්..අපි කොහොමද අනාවැකි කියන්නෙ..."
"
තෙරුවන් සරණයි.පරිස්සමට ඉන්න"අවසානයේ ඇගේ හිස සියුම්ව අතගා මම කීවෙමි.
ඒත් ඔයා අදටත් දන්නෙ නැතුව ඇති මගෙ ජීවිතේට ආයෙත් මල්කි කෙනෙක් ආවෙ නෑ කියල.මල්කි සහන්ව තෝරගත්තා.එයා දැන් අවුරුදු 4 පුංචි පුතෙකුගෙ අම්මා කෙනෙක්.ඒත් සහන්ගෙ නීත්යානුකූල බිරිඳ විදියට නෙවෙයි,එයාගෙ වචන වලින්ම කියනවනම් සහන්ගෙ හොරගෑනි විදියට.සහන් කියන්නෙ කලින් බැඳල ළමයි ඉන්න මනුස්සයෙක්.මේ හැමදේම දැනගත්තට පස්සෙ මං ළඟට ඇවිත් සමාව ඉල්ලුවත් මට අමුතුවෙන් දෙන්න සමාවක් මං ළඟ නෑ.මොකද මං එයාට කවදාවත් වයිර කලේ නෑ.මං මගෙයි හසුනිගෙයි ගේ මල්කිගෙ නමට ලියල දුන්නෙ අර අසරණ දරු පැටිය ගැන හිතල විතරක්ම නෙමෙයි හසුනිගෙ බලාපොරොත්තුවෙන් බාගයක් හරි ඉශ්ට වෙන හින්ද. එයා බලාපොරිත්තු වුන විදියට මගෙයි මල්කිගෙයි ලස්සන පවුල් ජීවිතයක් නොවුණත් හසුනියි දරුවයි සතුටින් ජීවත් වෙයි. එදා ඉඳන් මම ජීවත් වුණේ මගෙ අම්මලත් එක්ක.මේ වෙද්දි මගේ අම්මත් මේ ලෝකෙන් ගිහින් අවුරුද්දක්.
මේ අවුරුදු 5 කාලෙදි හසුනි කිව්ව වගේම මම තේරුම් ගත්තා බැඳීම් නැති ජීවිතේ කොච්චර සැහැල්ලුද කියලා. හින්දම මම තීරණය කලේ හසුනි ගිය මාර්ගයම සොයාගෙන යන්න.
හ්ම්ම්..ඉතිං මේක වේවි මං ගිහියෙක් විදියට ලියන අන්තිම සටහන.
නිමි.