Tuesday, December 26, 2017

~~~තරු අයිති අහසටයි~~~

~~~තරු අයිති අහසටයි~~~

ශ්වේතා මලින්ති. මගෙ ආත්මයම වෙනස් කරපු නම. අපේ ආයතනයට ආපු අලුත්ම විධායක නිළධාරිනිය. ආයතනයේ හිටපු ලාබාලම ඒ විතරක් නෙමෙයි සුන්දරම executive officer. ඒ කතා කරන ඇස්, හිත පිස්සු වට්ටන හිනාව, දෙයියනේ මන් කොහොමද අමතක කරන්නෙ. ඔයා නිසා මට මාවත් අමතක උන මන් කොහොමද දෙයියනේ ඔයාව අමතක කරන්නෙ. දන්නව මන් එදත් කලේ වැරැද්දක්. අදත් කරන්නෙ ඒ වැරැද්දමයි. ඒත් මගෙ ඇස් හමදාම හොයන්නෙ ඔයාව විතරයි. මගෙ ඇස් දෙකට පේන්නෙත් ඔයාව විතරමයි. Good morning ළ මයි, හැමදාම එයා වගේම හුරුබුහුටි මරුටි කාර් එකෙන් බැහැල ඔෆිස් එකට එන්නෙ ඔහොම කියාගෙන. අවුරුදු 24ක කෙල්ලෙක්ට ඒ වයසෙම එහෙමත් නැත්තම් ඊට අවුරුද්දක් දෙකක් වැඩිමල් කොල්ලො 10ක් විතර පාලනය කරනව කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. ඒත් එයා ඒක හරි ලස්සනට කලා. සේවකයො හැමෝගෙම ආදරේ, ගෞරවේ අරගෙන හැමෝ එක්කම සහයෝගෙන් එයා වැඩ කලා. හැමෝම ආදරේට කිව්වෙ චූටි මිස් කියලා. ඔව් හැමෝම එයාට ආදරේ කලා එයාලගෙ චූටි මිස් විදියට. හැබැයි මම ආදරේ කලේ ගොඩක් වෙනස් විදියට. මට ඕනෙ උනේ හමදාම ඒ කතාකරන ඇස් දෙක දිහා බලාගෙන ඉන්න. ඒ ඇස් මගේම කරගන්න. කොටින්ම කිව්වොත් මන් එයාට පිස්සු වැටුන. කොයි තරම්ද කියනවනම් මන් මගෙ රෑ වැඩ මුරේට වයිර කලේ ඒ සතියටම මට ඒ ඇස් දෙක දකින්න, ඒ කටහඩ අහන්න බැරි වෙන හින්ද. ....................................................................... මන් එයාගෙ දුරකතනයට කෙටි පනිවිඩ තියන එකත් ටිකක කල් යද්දි මගෙ සාමන් ය පුරුද්ද්ක් උනා. හැබැයි කොයි වෙලාවකවත් එයාට මන් කවුද කියල කිව්වෙ නෑ වගේම එයා කවදාවත් මගෙ එක sms එකකටවත් reply කලෙත් නෑ. ඒත් මන් එයා දැක්ක දවසෙ ඉදලා මට හිතුනු හැමදේම එයාට ලිව්වා. දන්නව, නන්නාදුනන කොල්ලෙක් එවන මැසේජ් වලට රිප්ල් යි කරන්න තරම බොලද කෙල්ලෙක් නෙමෙයි එයා. ඒත් මගේ බොලද් හිත ගොඩ්ක් රිදුනා. "අඩෝ, උබ උපවාසද බන් අද කන්න යන්නෙ නැද්ද?" කල්ප මගෙ බොක්ක මන් ළගට ඇවිත් කනට කරල කෑ ගහනකනුත් දැක්කෙ නෑ. වෙනදටනම් ඌ කියන දේකට එකට දහයක් කියන මන් යන්තම් හිනා වෙලා නැගිට්ට හින්දා වෙන්න ඇති මගෙ දිහ පුදුම වෙලා වගේ බලන් හිටියෙ. "මොකද දැන් උබ බඩගිනි වැඩිවෙලාද මාව කන්න වගේ බලන් ඉන්නෙ. වරෙන් මෙන්න මෙහෙ" මන් වෙනද වගේම විහිලුවක් කරල ඉන්න උත්සහ කලා. කල්ප මන් මෙතන වැඩට ආපු දා ඉදල මගෙ දුකට සැපට හැමදේටම හිටපු හොදම යාලුවා. අපි අතර කවදාවත් රහසක් නොතිබුනත් ශ්වේතා ගැන ඌට කියන්නවත් මට හිතුනෙ නෑ. "මේ මේ කන්න කලින් කියපන් උබට මොකද්ද මේ ලගදි ඉදන් තියෙන ලෙඩේ කියල.මන් දැන් දවස් ගානක් බලාගෙන උබ ඔය ෆෝන් එක දිහා බලාගෙන භාවනා කරනවා" "පිස්සුද උබට, මට ඇති ලෙඩක් නෑ. මගෙ ෆෝන් එක දිහා ඉතින් මන් නැතුව මොකා බලන්නද" "ඔව් ඔව් මට තමා පිස්සු. අනේ බන් මේ අවුරුදු 3ක් බොක්ක වගේ හිටපු මටනෙ උබ කොලේ වහන්නෙ. ඇයි බයද උබේ ඔය කෙල්ල මන් දා ගනියි කියලා." ඌ ඒ කියපු කතාවටනම් මාව ගැස්සුනා. " මොකෝ බයවුනේ දැන් උබ ඔය කියන්න හදන්නෙ උබ ඔය ෆෝන් එකේ එල්ලීගෙන කොයි වෙලෙත් කොටන්නෙ කෙල්ලෙකුට නෙමෙයි කියලද?" "හ්ම්ම් කෙල්ලෙකුට තමයි ඒත් වැඩක් නෑ" තවදුරටත් හිතේ සගවාගෙන සිටිය නොහැකි ප්‍රේමය මම ඔහුට කීමට සිතුවෙමි. "ඒ වෙන කවුරුත් නෙමෙයි බන් ශ්වේතා" මන් කිය දැම්මෙමි. "උබ ඔය කියන්න යන්නෙ මේ අපේ ..." "ඔව් ඒ ශ්වේතා තමයි අපේ චූටි මිස්" ඔහු අසන්නට පෙර මම පිලිතුර කියා දැම්මෙමි. කල්ප විමතියෙන් ටික වෙලාවක් මා දිහා බලාගෙන සිටියේය. මම එම දෑස් මග හැර ඉවත බලාගත්තෙමි. "උබ ඔය දුවන්නෙ මිරිගුවක් පස්සෙ කියල උබට හිතෙන්නෙ නැද්ද" නිහඩ මිනිත්තු කීපයකට පසුව කල්ප මගෙන් ඇසුවේය. දනිමි කල්ප කියන්නේ ඇත්තය. නමුත් මගේ සිත එය පිලිගැනීමට සූදානම් නැත. එමනිසා මම නිහඩවම සිටියෙමි. "මචන් ශ්වේතා කියන්නෙ අපේ බොස්. අපි එයා යටතෙ වැඩ කරන නිකම්ම නිකන් සේවකයො විතරයි." කල්ප ලොකු කතාවක් කීමට සැරසෙයි. නමුත් මගේ හිතුවක්කාර කොලු සිත එය ඇසීමට සූදානම් නැත. "ආදරේ කරන එක වැරැද්දක්ද බන්" මම මගේ නොරිස්සුම එක වැකියකින් පිට කලෙමි. කල්පට එය තේරෙන්නට ඇත. "ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි බන්. හැබැයි මතක තියා ගනින් තරු අයිති අහසට" එපමනක් කියූ ඔහු මගේ පිටට තට්ටුවක් දමා පිටව ගියේය. දින දෙකක් ශ්වේතා මිස් වැඩට ආවේ නැත. රාත්‍රි වැඩ මුරය නිසා සතියක්ම දැකගත නොහැකි ඒ සුන්දර මුහුණ තවත් නොදැක සිටීම දරාගත නොහැකි තැන ඇගේ කටහඩ චුට්ටක් ඇසීමට මට බොලද ආසවක් ඇති විය. ඇයට මැසේජ් යවන අන්කයෙන්ම මම ඇයට ඇමත්මක් ගතිමි.බොහෝ වේලාවක් නාද වීමෙන් පසු අනෙක් පසින් ඒ කින්කිණි කටහඩ මට ඇසුනි.නමුත් එහි ගැබ් වී තිබුනේ නොරිස්සුමකි. "හෙලෝ" මම මදක් නිහඩව සිටියෙමි නැවත ඒ කටහඩ ඇසීමේ ආසවෙන්. "හෙලෝ කවුද මේ?" "මිස් මම..... පුබුදු" නිහඩව තත්පර කීපයක් ගෙවෙන්නට ඇත. "ආ පුබුදු මන් හෙට ඔෆිස් එනවනෙ. එතකොට කතා කරමු." එපමණක් පැවසූ ඇය මා තවත් යමක් කීමට පෙරම ඇමතුම විසන්ධි කලාය. හිතට දැනුනේ දුකක්ද,තරහක්ද,කලකිරීමක්ද නොදනිමි. පසුදින උදෑසන ඇය කාර්යාලයට පැමිණ සිටියාය. දින ගණනකට පසු ඇගේ ඒ සුන්දර සිනහව මා හොඳහැටි විදගත්තෙමි. ටික වේලාවකට පසු මා ඇගේ කාර්‍යාලය තුලට ගියේ ඇගේ කැදවීම හේතුවෙන් වුවද එය මා ආසාවෙන් බලාසිටි අවස්ථාවකි. Good morning පුබුදු . ඇය වෙනදා මෙන්ම හිනා කටක් පුරවා මට සුබ පැතුවාය.මම යන්තම් සිනාසීමි.මන්ද ඇයගේ සිනහව අබියස මගේ මුව ගොලුවන බැවිනි . "පුබුදු මේ සාම්පල් ටික අපි අදම දෙන්න ඕනෙ.ඒ හින්ද කල්ප එක්ක එකතු වෙලා දැන්ම වැඩ පටන් ගන්න." ඇය වෙනදා පරිදිම පැවසීය. අඩුම තරමේ ඊයේ මන් කතා කලේ ඇයි කියාවත් ඇසුවේ නැත. මම ආපසු එන්නට හැරුනෙමි . "පුබුදු.." මා ඉදිරියට අඩියක් තබනවාත් සමඟ ම ඇය ආපසු මා ඇමතීය. මම නැවතත් ඇය දෙසට හැරුනේ දෙවරක් නොසිතාමය. "පුබුදු,මන් තව මාස 3කින් marry කරනවා." මගේ හුස්ම නැවතුනා මෙන් මට දැනුනි."ඊට පස්සෙ මන් රස්සවෙන් අයින් වෙනවා.ඒ නිසා මේ ටික කාලෙ අපි එකතු වෙලා අනව්ශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව මේ වැඩ ටික හරියට කරගෙන යමු." ඇය කලේ ඉල්ලීමක්ද,අනතුරු ඇගවීමක්ද නොදනිමි.නමුත් ඒ ඇසුනේ මෙලොව මට ඇසෙන අවාසනාවන්තම වචන බව මට සිතිනි. ඇය සුහදවම මා ප්‍රතික්ශේප කර ඇත.වහාම හැරුනු මම මොහොතක් හෝ එහි නොරැදි ඉවතට ආවේ දෑසේ මටත් හොරා නැගුනු කදුලු බින්දුවක් සගවාගන්නට උත්සහ කරමිනුයි . ඉන්පසු සැමවිටම ඇය මා මගහරින්නට උත්සාහ කරන බව මට වැටහුණි .තවදුරටත් ඇය මා හා පෙර පරිදි සිනාසුනේද නැත.මට පවරන වැඩක් පවා ඇය මට දැනුම් දුන්නේ වෙනත් අයෙකු මාර්ගයෙන් ය. මෙසේ ඇය මා මගහරින තරමටම මට ඇය හා කතා කිරීමේ අවශ්‍යතාව තවත් වැඩියෙන් දැනුනි. මා වැඩ කලේ ද පෙර මෙන් උවමනාවකින් නොවේ. කල්ප සැම විටම මාත් සමග සිටියද නැවත කිසිදිනක මේ පිළිබඳව අහන්නට ආවේ නැත . ......................................................................... ඒ නිවාඩු දින මා ටවුමට ගියේ ගෙදර යාමට පෙර බඩු ටිකක් මිලට ගැනීමටය. නොසිතූ මොහොතක මා දුටුවේ මදක් එහායින් පාර පැනීමට බලා සිටි ශ්වේතාය. සැහැල්ලු චාම් ගවුමකින් සැරසී සිටි ඇයගෙන් දිස්වූයේ වෙන කෙදිනකවත් නුදුටු අමුතුම සුන්දරත්වයකි. මටම අවනත නැති මගේ කොලු සිත ඇය හා කතා කරන්නට යයි මට බල කලේය .ඇය අසළට ගිය මා "ශ්වේතා මිස්" කියා සිහින් හඩින් ඇය ඇමතීමි. මා දුටු විට ඒ ඇස් තිගැස්සිනි.නමුත් සිනාසුණු ඇය "අහ් පුබුදුකොහොමද?" ඇය පෑවේ මවාගත් සිනාවක් යයි මට සිතුනි.ඒ කෙසේ වෙතත් මම නැවතත් ඇගේ සිනහව ළඟ ගොලු වීමි. "මම එහෙනම් යන්නම් පුබුදු " මා නැවතත් පියවි සිහියට ආවේ ඇගේ එම වදන් වලටය. තවදුරටත් මේ ආදරය සිතේ දරා සිටිය නොහැකිය. "මිස් මට ටිකක් කතා කරන්න ඕනෙ" "අනේ මන් ඉක්මනට යන්න ඕනෙ පුබුදු" "මිස් එක විනාඩියක් please " "Ok පුබුදු කියන්නකො" මිස්... මේ...මේ" මෙය පැවසීම මෙතරම් අමාරු යැයි මට දැනුනේ ඒ මොහොතේ ය. "පුබුදු මන් ඉක්මනට යන්න ඕනෙ " "මිස් මන් මිස්ට ආදරේ කරනවා. මිස්ව දැක්ක දවසේ ඉදලා ගොඩාක් ආදරේ කරනවා "මම බිම බලාගෙන කියවා ගෙන ගියෙමි . "පුබුදු.." මා හිස ඔසවා බැලුවේ ඒ ශ්වේතාගේ වේගවත් කටහඩටය. "ඔයා මොනාද මේ කියවන්නේ ?? දන්නවා නේද මම තව ටික දවසකින් marry කරනව කියලා .please ඔය විකාර ඔලුවෙන් අයින් කරගන්න." මට බෑ මන් ජීවිතේටම ආදරේ කලේ ඔයාට විතරයි .කරන්නෙත් ඔයාට විතරමයි .මට ඔයාව අමතක කරන්න බෑ" මටවත් සිතාගත නොහැකි ආවේගයකින් මම කියවාගෙන ගියෙමි . "එහෙනම් ඕනෙ දෙයක් කරගන්න.හැබැයි මට පේන්න කවදාවත් ආයෙ එන්න එපා." ඒ සුදු මූන කවදාවත් නැති තරම් තරහෙන් රතුව තිබිණි. "ශ්වේතා" යන්නට හැරුණු ඇගේ අත මම තද කොට ඇල්වීමි.ඒ මම ඇගේ නම කියා කතාකල පලමු මෙන්ම අවසාන අවස්ථාවය. අල්ලාගත්තාටත් වඩා වේගයෙන් මගේ අත දමා ගැසූ ඇය දිව ගියේ මට සිතන්නටවත් ඉඩක් නොතබාමය. දෙවියනේ..සිදුවූයේ මා සිහිනෙකින්වත් නොසිතූ දෙයකි. අදි වේගයෙන් ආ ලොරියෙන් බේරි යන්නට ඇයට නොහැකි විය. අවසානයට මට මතක රුධිර ගොඩක් මත වැටී සිටි ශ්වේතාගේ රූපය පමණි . .............................................. මට සිහිය එන විට මා සිටියේ මගේ කාමරයේ ය. මගේ පසෙකින් කල්ප ඉදගෙන සිටි බව අවට බැලූ මට දැක ගත හැකි විය.මම වහා නැගිට ඉදගත්තේ ශ්වේතා සිහි වීමෙනි. මගේ වෙනස කල්පට තේරෙන්නට ඇත. "මචන් රෙලං වෙයන්" ඔහු මගේ අත අල්ලා කීවේය. "කෝ ශ්වේතා .අනේ කියපන් ශ්වේතා හොදින් නේද.මුකුත් කරදරයක් නෑ නේද." කල්පගේ නිහැඩියාව මාව තවත් කලබල කලේය. "මචන් ශ්වේතා මිස් ආයෙ එන්නෙ නෑ.එයා අපිව දාලා යන්නම ගියා" ඔහු ඉවත බලාගෙනම කියවා ගෙන ගියේය . "මොනවා, දෙයියනේ එහෙම වෙන්නෙ කොහොමද .නෑ නෑ එහෙම වෙන්න බෑ .අනේ ශ්වේතා මන් නිසාද ඔයාට මෙහෙම උනේ.මට තවත් ජීවත් වෙන්න බෑ."මන් පිස්සෙකු මෙන් කෑ ගැසීය. "කල්ප මට ශ්වේතා බලන්න යන්න ඕනෙ.මාව එක්කපලයන්" "මචන් තේරුම් ගනින් දැන්වත්.අපිට මෙහෙම එකපාරට එතනට යන්න බෑ..." මට ඔහු කියන දෙයක් ඇසීමට අවශ්‍ය වූයේ නැත . "උබ ඕනෙ නෑ මන් තනියම යන්නම් "නැගී සිටි මාව කල්ප දැඩි කොට අල්ලා ගත්තේය . "හොදයි,මන් උබව එක්ක යන්නම් .හැබැයි එතන ගිහින් කිසි කලබලයක් කරන්න බෑ" "නෑ බන් නෑ මට එයාව බලන්න විතරමයි ඕනෙ.අනේ මාව එක්ක පලයන්" මාව පාලනය කල නොහැකි තැන කල්ප මාත් සමඟ ශ්වේතාගේ නිවසට පැමිණියේ ය. නමුත් ඇගේ නිවසට ඇතුලු වන තැන ගසා තිබූ මරණ දැන්වීමේ තිබූ ඇගේ සිනහමුසු මූන දුටු විට තවදුරටත් මට පාලනය කරගත නොහැකි විය .ඔලුවේ දෑතම ගසා ගත් මම බිම ඉදගත්තේ මට සමාවෙන්න ශ්වේතා කියමිනි. "තෝ තෝ... තෝ තමා මගෙ අහින්සකීව මරාගත්තෙ.මරනවා තෝව මම "නිවස දෙසින් දුව ආ තරුණයෙක් මගේ කමිසයෙන් ඇද නැගිටවා මට අතුල් පහරවල් කීපයක් එල්ල කලද ඒවායින් බේරීමට හෝ පෙරලා පහර දීමට මට උවමනාවක් නොවිණි .නමුත් කල්ප සහ අවට සිටි කිහිප දෙනෙකු ඔහුව ඇද ඉවතට ගෙන යාමට උත්සාහ දැරීය."නෑ මට මේකව මරන්න දීපන් .මගෙ කෙල්ලව මරාගත්ත මිනීමරුවා" දෙවියනේ...මෙතෙක් වෙලා මගේ යටි සිත මටම කල චෝදනාව වෙනකෙක් මගේ මුහුණ ඉදිරියේම කරන විට තවත් දරා සිටින්නේ කෙසේද?තවත් මොහොතක්වත් එතැන නොරැදුනු මා පිස්සෙකු මෙන් ඔහේ පාර දිගේ දුව ආවෙමි.එසේ කෙතරම් දුර ආවදැයි මම නොදනිමි .හති වැටීමෙන් පාර අයිනේ බෝක්කුවක් උඩ හිදගත් මා තරු පිරි අමාවක අහස දිහා හැගීම් විරහිතව පැය ගණනක් බලා සිටින්නට ඇත.අහස පුරා විසිරී තිබූ තරු පොකුරු අතරින් තරුවක් උල්කාවක් ලෙස පහලට වැටී නොපෙනී යනු දිටිමි .වටහා ගතිමි .මෙතුවක් කල් කල්ප ,මගේ යටිසිත මට වටහා දීමට උත්සාහ දැරූ මා තේරුම් ගැනීමට උත්සාහ නොකල සත්‍ය වටහා ගතිමි .ඇත්තය තරු අයිති අහසටය .තරුවක් පොළවට වැටේ නම් ඒ දැවී අලුවෙන උල්කාවක් ලෙස පමණි . නිමි

Tuesday, November 21, 2017

~~නොපැරදුනු දෛවය~~

කෙටිකතාව

~~නොපැරදුනු දෛවය~~ .තෝන්තුවෙන් මෙන් තම කාමරයට පැමිණි නෙල්‍යා ආ හැටියටම ඇඳ මතට වැටුනාය.වුනේ කුමක්දැයි තාමත් ඇයට සිහිනයක් මෙනි. කොට්ටයට මූන තද කර දෑස් පියාගත් ඇයට ඩෙරික්ගේ ඒ සුඛෝපභෝගී කාර්‍යාල කාමරය නැවතත් තම දෑස් ඉදිරියේ මැවෙන්නට විය. තම ජීවිත කාලයටම ඇසූ දරුණුම වදන් පෙළ නැවත නැවතත් තම දෙසවන් තුල දෝංකාර දෙනවා මෙන් දැනෙද්දී මෙතෙක් වෙලා ආයාසයෙන් සඟවා ගෙන සිටි කඳුලු වැල් තරඟයට මෙන් ඒ අහිංසක දෑස් වලි ගිලිහිනි. ........................................................ "මේ..." "ම්ම්..." "දැන් ඔයාගෙ රිසර්ච් ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ වුණාම කාගෙ මතකෙද මුලින්ම නැති කරන්නේ......" "මුලින්ම නේද...ම්ම්ම්....මුලින්ම කරන්නෙ ඉතිං ඔයා පස්සෙන් එන සේරම කෙල්ලොන්ගෙ මතකෙන් ඔයාව අයින් කරන එක තමයි...." "අම්මෝ....ඊරිසියාකාරි..." "එහෙම තමයි..ශෝන් මගෙ විතරයි..." නිරායාසයෙන්ම ඒ සොඳුරු අතීතය සිහිවීමෙන් සිදුවුනේ ඇගේ කඳුලු වලට නැවතත් නව පණක් ලැබීම පමණයි. ශෝන්...විශ්ව විද්‍යාලයේ සිටි කඩවසම්ම තරුණයෙක්. ඩෙරික් නැමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ එකම පුතු වූ ඔහුට රූපයෙන් පමණක් නොව ධනවත් කම මෙන්ම සමාජ තත්වය අතින්ද විශ්ව විද්‍යාලයේ අනිත් සිසුන් අතරින් හිමිව තිබුනේ ප්‍රබල ස්ථානයකි. ඒ නිසාමදෝ ඔහු අවට සිටි සුරූපී සුකුමාල තරුණියන්ගේ නෙත් බැලුම් නොඅඩුව ලැබුනද ඔහුගේ හිත නැවතුනේ සාමාන්‍ය පවුලක අහිංසක තරුණියක් වූ නෙල්‍යා ළඟයි. එහෙත් ඔවුන් දෙදෙනාගේ එක්වීමෙන් පසුව වුවද නෙල්‍යාට ඊරිසියාකාරියන් වැඩිවූවා මිස ශෝන්ට ඇති ප්‍රතිචාරනම් කිසි විටකත් අඩු වූයේ නැත. නෙල්‍යා....සාමාන්‍ය පවුලක සාමාන්‍ය යුවතියක් වුනත් විශ්ව විද්‍යාලය තුළ කැපී පෙනුනු ශිෂ්‍යාවකි. වේදනාකාරි මතක ඉවත්කිරීම්...(painful memory erasing) ඔව් විසිදෙවන සියවසේ ආන්දෝලනාත්මක මාතෘකාව...ලොව පුරා සෑම රටකම විද්‍යාඥයන් යුහුසුළුව පරීක්ෂණ කරන අත්හදාබැලීම් කරන මේ මාතෘකාව තමයි ඇයගේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා පාදක වුනෙත්. තම ව්‍යාපෘතියේ අරමුණ ශෝන්ට බැල්ම දාන කෙල්ලන්ගෙන් ශෝන් ගැන මතකය නැති කිරීම බව ඇය බොහෝ අවස්ථා වලදී ශෝන්ව ඇවිස්සීමේ අරමුණින් විහිලුවට කීවත් එය තමාටම සිදුවේ යැයි ඇය කිසි දිනකත් විහිලුවටවත් සිතුවේ නැත. ............................................................. ඩෙරික්....තම රට තුළ පමණක් නොව දේශ දේශාන්තරයේ නම් දැරූ දැවැන්ත ව්‍යාපරුකයෙකු වූ ඔහුට තම පුතුගේ අනාගත සහකාරිය ලෙස සාමාන්‍ය තරුණියක් බන්දා දීමට කිසිදු අවශ්‍යතාවක් තිබුනේ නැත. ඩෙරික්ගේ පැලැන්තියේ වූ කෝටිපති සගයන් අතර තම පුතුට හැම අතින්ම ගැළපෙන රූමත් ධනවත් කෙල්ලන් ඕන තරම් සිටි අතර ඔවුන් බොහෝමයක් තම කඩවසම් පුත්‍රයා ගැන සැලකිලිමත් බවද ඔහු හොඳින්ම දැන සිටියේය. නමුත් ශෝන් තම අනාගත සහකාරිය ලෙස නෙල්‍යා වන් තරුණියක් තෝරාගෙන තිබීමනම් ඩෙරික්ට දරුණු ගැටලුවක් විය. නමුත් අන් අය මෙන් නොව තම පුතුට විරුද්ධත්වය පා මේ සම්බන්ධය නැවැත්වීම කිසිවිටකත් කල නොහැක.මන්ද් යත් ඔහි තමන්ගේම පුතාය. තමා වන්ම හිතුවක්කාරයෙකි. එනම් කලයුත්තේ යාප්පුවෙන් ගත යුතු පියවර ගැනීමයි. "හ්ම්ම්....පුතාගෙ සතුට තමයි මගෙත් සතුට..ඒ ළමයට ඇවිත් මාව හම්බෙන්න කියන්නකෝ...." ශෝන් තම පෙම්වතිය ගැන පියාට පැවසූ විට ඩෙරික්ගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. මෙතෙක් කල් ශෝන්ගේ පවුලෙන් තමන්ට ලැබෙන ප්‍රතිචාරය ගැන චකිතයෙන් පසුවූ නෙල්‍යාට මෙය ඇසීමත් සමඟ දැනුනේ පුදුමතරම් සැහැල්ලුවකි. ඉතිං ඇය අද තම අනාගත මාමණ්ඩිය ඩෙරික් හමුවීමට ඔහුගේ ප්‍රධාන කාර්යාලය වෙත ගියේද ඒ සැහැල්ලුව සමඟිනි. "ගුඩ් මෝනින් අන්කල්...." කොහොමත් ලස්සන ඇගේ හිනාවෙන් මුව පුරවාගෙන ඇය ඩෙරික් ඉදිරියට ගියාය. නමුත් තම වැඩය මදකට හෝ නොනවත්වා උපැස් යුවල අතරින් ඇස් උස්සා බැලූ ඩෙරික්ගේ පළමු බැල්මෙන්ම ඇගේ සැහැල්ලුව නැතිව ගියාය. එහෙත් ඊළඟ මොහොතේ අත් දෙකත් බැඳගෙන පුටුවට හොඳින් හේත්තු වූ ඩෙරික් "රාජකාරි වෙලාවෙදි මං කිසිම නෑදෑකමක් පවත්වාගන්නෙ නෑ වගේම මගෙ තත්වෙට නොගැළපෙන අය එක්ක මං කිසිම දවසක සම්බන්ධතාවක් ඇති කරගන්නෙ නෑ..මුලින්ම ඒක තේරුම් ගත්තොත් ඒක අපි දෙන්නටම ලේසි වෙයි..." ඇත්තෙන්ම ඔහුගේ පළමු වදන් පෙළ හමුවේම ඇය තිගැස්සුනි. දෙවියනේ ඔහු මේ අදහස් කලේ මාවත් මේ පවුලට නොගැලපෙන බවද? ඇයගේ මුහුනේ හැඟීම ඔහි හඳුනාගන්නට ඇත. තම අසුනෙන් නැගිටගත් ඔහු නෙල්‍යා ඉදිරියටම පැමිණ හිටගත්තේය "හ්ම්ම්...ඔව් මං හිතන්නෙ ඔයා හිතන දේ හරියටම හරි...මං කියපු දේට ඔයා වුණත් ඇතුළත්..." දැඩි නොවූ නමුත් ඒ කුරිරු වදන් ඇයව තව තවත් අසරණ කලේය. නෙල්‍යා දෙස බලාගෙනම තම මේසයට හේත්තු වූ ඔහු නැවත තම කතාව ඇරඹුවේය. "මට ඔය වැල්වටාරම් පුරුදු නැති නිසා මං කෙලින්ම කාරණාවට එන්නම්කෝ..ශෝන් කියන්නෙ ඩෙරික් සමූහ ව්‍යාපාරයෙ එකම අනාගත උරුමක්කාරයා..කොහෙත්ම සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. ඉතිං එයාට සාමාන්‍ය පවුලක නිකම්ම නිකම් කෙල්ලෙක් බඳින්න බෑ. එයාට බඳින්න ඕනෙ වුණත් මං ඒක වෙන්න දෙන්නෙත් නෑ. "එ...එතකොට...." නෙල්‍යාට තවමත් කතා කරගත නොහැකිය. තමාට මෙතරම් අකමැතිනම් ඔහු තමන්ට කැමති බව ශෝන්ට පවසා තිබුනේ මන්ද? "හෝව්...හෝව්...ක්ලබල වෙන්න ඕනෙ නෑ..." ඩෙරික් ඇයගේ මුහුණටම එබෙමින් පැවසීය. "ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම මං පිළිවෙලට උත්තර දෙන්නම්. තමුන්ට තියෙන්නෙ හොඳකල්පනාවෙන් පැහැදිලිව අහන් ඉන්න විතරයි..තේරුණානෙ..." "ම්ම්...මං මෙහෙම පටන් ගන්නම්කො..." ඔහු නෙල්‍යාව පසුකරමින් කාමරය පුරාම සක්මන් කරමින් කතා කරන්නට විය. "මං මේ මඟුලට අකමැති වුණත් මගෙ පුතාට ඒක එහෙම කියන්න බෑනෙ. මොකද එයා මං වගේම මටත් වඩා හිතුවක්කරයි.මං කෙලින්ම මේකට විරුද්ධ වුනානම් මේ වෙනකොට ඔය දෙන්න පුතාගෙ තනි කැමැත්තට කසාද බැඳල තියෙයි...එහෙම වෙන්න දෙන්න බෑනෙ...මං ඉතිං ඒ නිසා පුතා ඉස්සරහ පොඩ්ඩක් රඟපෑවා.." ඔහු කතාව නවතා ඇය දෙස බැලීය. ඇය තාමත් කඳුලු පිරුණු නෙත් වලින් ඔහු දෙස බලාගෙනම සිටී. එහෙත් ඒ අහිංසක බැල්මට උණු වීමට තරම් මානුෂික හදවතක් ඩෙරික් ළඟ තිබුනේ නැත. "ඉතිං කෙල්ලෙ ඔයාට කොහොමහරි ශෝන් ව අමතක කරන්නම වෙනව.." ඔහු කීවේ මුහුණට බැරෑරුම් පෙනුමක් එක් කරගනිමිනි. "දෙයියනේ...මම කොහොමද එහෙම කරන්නේ....ශෝන්...එයා මගෙ ජීවිතේ....." "ඔව් මං දන්නව ඔය බොළඳ විකාර ළමයින්ට එකපාර අමතක කරන්න අමාරුයි කියල...ඒකටත් මං ඔයාට උදව් කරන්න කැමතියි..." එය ඇසූ ඇයගේ ඇස් වලට නැවතත් කුතුහලය පිරුණි. "ඇත්තටම මම නෙමෙයි...ඩොක්ටර් ඩේවිඩ් පෝල් ලෑස්තියි ඔයාට උදව් කරන්න...." "ඩොක්ටර් ඩේවිඩ්....." එම නමම නැවතත් ඇය ප්‍රතිරාවය කලේ තව තවත් කුතුහලය පිරුණු හඬකිනි. " ඔව්...ඩේවිඩ්...මං හිතන්නෙ ඔයාට හොඳට හුරුපුරුදු කෙනෙක් වෙන්න ඕන. මොකද ඔයා ඔය හදාරන මතක මැකීම සංකල්පය ගෙනාවෙ එයා...ඒ ගැන වැඩිම පරීක්ෂණ කරපු කෙනා....ඉතිං ඔයාට අවස්ථව තියෙනවා එයාගෙ පළමු අත් හදා බැලීමට සහය වෙන්න .මොකද කියන්නෙ...ඉතිහාසගත වෙන්න පුලුවන් දෙයක් මේක..." ඩෙරික් තමන්ගේ උපාය ආඩම්බරයෙන් විස්තර කරයි.දැන් ඇයට පැහැදිලිය. ඔහු තනන්නේ තමා තුළ ශෝන් පිළිබඳ ඇති සියලු මතක මකා දැමීමටයි..නමුත් තමන්ට එයට කැමති විය හැකිද...කැමති විය යුතුද...ඇයට තේරෙන්නේ නැත. "මං අමතක කළත් ශෝන් මාව අමතක කරන එකක් නෑ.." ඇයට ඒ පිළිබඳ හොඳටම විශ්වාසය. එම නිසා ඇය නොබියව කතා කලාය. එහෙත් එයටත් ප්‍රතිචාර ලෙස ඩෙරික්ගෙන් ලැබුනේ සැහැල්ලු ඒත් උපහාසාත්මක හිනාවක් පමණි. " ඔයා හිතනවද...මං එච්චර මෝඩයෙක් කියල ඔයාගෙ මතක විතරක් අයින් කරන්න. නෑ...එහෙම නෑ නෙල්‍යා...ඔයා මේකට අකමැති වුණත් හෙට දවල් 12 වෙද්දි ශෝන්ගෙ මතකේ නෙල්‍යා කියන කෙනෙක්ගෙ හෙවනැල්ලක්වත් නෑ...ඉතිං ඔයාට කෙසේ වෙතත් ශෝන් නම් අනිවාර්යයෙන්ම නෙට ඉඳන් ඔයාව මතක් කරන එක නෑ...ඒ විතරක් නෙමෙයි ඔයා එයාව මතක තියන් හිටිය කියල කිසිම වැඩක් වෙන එකක් නෑ..මොකද හෙටින් පස්සෙ ඔයාට එයා ළඟට ළං වෙන්න පුලුවන් විදියෙ අල්පෙන්ති තුඩක ඉඩක්වත් තියෙන එකක් නෑ... ඉතිං ඔයාම තීරණය කරන්න ජීවිතේ අලුතින්ම පට්න් ගන්නවද...හැමදාම දුක් විඳිනවද කියල... ඔයා ජීවිතේ අලුතින් පටන් ගන්න කැමතිනම් හෙට 12ට ශෝන්ව ගන්නව සර්ජරි එකට...ඉන් පස්සෙ ඔයාගෙ සර්ජරි එක අපිට කරන්න පුලුවන්...සියලු වියදම් මං ගානෙ. ඔයාට තියෙන්නෙ හෙට වෙලාවට ඇවිත් අත්සනක් දාන එකක් විතර්‍යි." නෙල්‍යාගෙන් කිසිදු පිළිතුරක් බලාපොරොත්තු නොවුන ඔහු තම දෑස් ගෙනගියේ තම අතෙහි වූ අත් ඔරලෝසුව දෙසටයි. "ඉතිං නෙල්‍ය ඔයාට තව පැය 24කටත් වඩා තියෙනව තීරණයක් ගන්න.මං හිතනව ඔයා මොලේ කල්පනා කරයි කියල.ම්ම්...දැන් ඔයාට යන්න පුලුවන්...මං මගෙ අනිත් වැඩ ගැන බලන්න ඕනෙ. ........................................................... මැදියම් රැය දක්වා නෙල්‍යා හැඬු කඳුලෙන් සිය සැරයකට වඩා මේ සිදුවීම මෙනෙහි කළාය. දැවුනාය.තැවුනාය. එහෙත් අවසානයේ ඇය තීරණයක් ගත්තාය. ඇත්තය...ශොඉන් නැති ජීවිතයක් ගැන හිතන්නට ඇයට හැකියාවක් නැත්. එහෙව් ජීවිතයකින් වැඩක්ද නැත.නමුත් එසේ කියා ඇයට තම ජීවිතය අත් හරින්නටද නොහැකිය.තම අහිංසක මව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් ඇය ජීවත් විය යුතුය. මෙතෙක් වෙලා කිසිදු පණක් නැතිව ඇඳේ වැටී සිටි ඇය වහා නැගිට්ටාය. මුලු කාමරයම අස් කිරීමට පටන් ගත්තාය. ශෝන්ගෙ මතකයක් විය හැකි සැම දෙයක්ම තම දෑස් මානයෙන් ඉවත් කලාය...අවසාන වතාවට පසුදා වනතුරුම ඔවුන් දෙදෙනාගේ විරහව වෙනුවෙන් කඳුලු සැලුවාය. පසුදින ඇය නියමිත වෙලාවටත් පෙරම ඩේවිඩ්ගේ පරීක්ෂණ ආයතනය වෙත ගියේ අවසාන වතාවට ඒ ශෝන්ගේ ආදරණීය මුහුණ දැකගැනීමටයි. සිතූ පරිදිම ඇය ඇතුළු වී ස්වල්ප වෙලාවකින් මීට සුළු වෙලාවකට පෙර සැත්කමට සහභාගි වූ ශෝන් ඩෙරික් සමඟ පැමිණෙනු දුටු ඇය ඉඳ සිටි අසුනින් නැගිටුනේ ඉබේටමය. එහෙත් රිජුවම තමන් දෙසට පැමිණි ඔහුගෙන් වෙන දිනවල්දී ලැබෙන ආදරණීය ආමන්ත්‍රණය වෙනුවට අඩුම තරමේ මිත්‍රශීලී හිනාවක්වත් ඇයට ලැබුනේ නැත. ඇත්තය සිනහවෙන්නේ කෙසේද...ඔහු දැන් ඇයව නොහදුනනා කෙනෙකි. තමන් පසුකර ගිය ශෝන් දිහා පිටුපස හැරී අසරණව දෑස් යොමු කළ ඇයට දක්නට ලැබුනේ තමා දෙස බලා සිටි ඩෙරික්ගේ ජයග්‍රාහී හිනාවය. තවත් හඬා පලක් නැත. හිත දැඩි කරගත් ඇය සැත්කම සඳහා සූදානම් විය. .....................................................
වසර 5කට පසු හැමදෙයක්ම තමාගෙ බලාපොරොත්තු අනුව ඉටුවීම ගැන ඩෙරික්නම් සිටියේ ඕනවටත් වඩා සතුටිනි. සැත්කමෙන් පසු ඔහු වහාම ශෝන්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත කලා මෙන්ම ටික කලක් යන තුරු නෙල්‍යා ගැනද සැලකිල්ලෙන් සිටියේ ඇයට තවදුරටත් ශෝන්ට බාධාවක් නොවන බව සැක හැර දැනගත් පසුය. ඉන්පසු ඒ ගැන සෙවීමද නොසලකා හැරි ඔහු අද මේ සූදානම් වන්නේ වසරක 5කට පසු තම මව්බිමට නැවත් පැමිණෙන ශෝන් පිළිගැනීමටය.. සිතාගත් පරිදි අද ඇති සාදයේදී තම මිතුරු මෙන්ම ව්‍යාපාර ලෝකයේ තමන්ගේ ලොකුම තරඟකරුව්වා වන ස්ටීවන්ගේ දුවට තම පුතුව යෝජනා කළ හැකිය. .................................................. "තාත්තා...." "මගෙ කොල්ල තවත් හැන්ඩ්සම් වෙලානෙ..." පිය පුතුන් ඉතා සතුටින් වැළඳ ගත් හ. "කෝ දැන් ඔයා මට දෙනව කිව්ව සප්‍රයිස් එක...." ඩෙරික් යමක් මතක් වූවා සේ ර්ක්වරම ඇසීය. "තාත්ත ඇස් පියාගන්නකො...." "හ්ම්ම්...දැන් ඇස් ඇරල බලන්නකො..." තම පුත්‍රයාගේ පිස්සු වැඩ ගැන දන්නා ඩෙරික් හිනාවෙවීම දෑස් විවර කලද දුටු දසුනින් ගල් ගැහුනේය. කතා කරගැනීමටවත් නොහැකි විය. "අයියෝ තාත්තෙ පුදුම වෙන්න එපා. මං දන්නව දැන් තාත්ත වැඩියෙන්ම වද වෙන්නෙ මගෙ කසාදෙ ගැන කියල. ඉතිං තාත්තෙ මේ ඉන්න නෙල්‍යා තරම් මට ගැළපෙන ගෑනු ළමයෙක් කවදාවත් හොයාගන්න බැරි වෙයි. ..." "ඒත්..ඒත් කොහොමද..ඔය දෙන්න..." "නෙල්‍යාත් මගෙ යුනිවර්සිටි එකේ හිටියෙ.මං ගිහින් අවුරුද්දකට පස්සෙ තමයි එයා ඇවිත් හිටියෙ. ඉතිං අපි දෙන්නම එකම රටේ හින්දයි මුලින්ම යාලු වුනේ..පස්සෙ දන්නෙම නැතිව අපි ආදරේ කලා නේද..." ශෝන් ඉතා සතුටින් නෙල්‍යා දෙස බලමින් පැවසීය. ඩෙරික්ගේ දෑස් නිරායාසයෙන්ම නෙල්‍යා වෙත යොමු විය. තමා මුලින් දුටු දිනම මෙන් ඒ මුහුනේ ලැජ්ජාව මුසු ගෞරවාන්විත හිනාවක් ඇරෙන්න වෙන කිසිදු හැඟීමක් නොවීය. "පුතා ඔය දෙන්න එහෙමනම් කැබ් එකක් අරන් ගෙදරට යනවද..මට හදිස්සියි වැඩකට යන්න වෙලා..." ඩෙරිකට අවශ්‍ය වූයේ වහාම ඩේවිඩ් මුණගැසී මේ ගැන කතා කිරීමටය. ඒ ගැනම සිතමින් සිටි ඔහුට අඩු තරමේ ඩේවිඩ්ගේ නිවසට යනකම්වත් ඉවසිය නොහැකි විය. ඔහ්හු වාහනය තුළ සිටම ඩේවිඩ්ට කෝල් කලේය. "ඩේවිඩ් මොකද්ද මේ වෙලා තියෙන්නෙ...ආයෙමත් කොහොමද ශෝන් නෙල්‍යා එක්කම එකතු වුනේ...." එහා පසින් දුරකතනය සම්බන්ධ වූ විගසම ඩෙරික් ආවේගයෙන් කියාගෙන ගියේය. සිදුව ඇති දෙය ඩෙරික්ගෙ කතාවෙන් ඔහු අවබෝධ කරගත්තේය. "සමාවෙන්න..මිස්ට ඩෙරික් විද්‍යාවෙ බලෙන් අපි මොන දේ කලත් කෙනෙක්ගෙ දෛවය වෙනස් කරන්න ඒ බලය ප්‍රමාණවත් මදි..." අවසානයේ ඩේවිඩ්ට නිදහසට කීමට තිබුනේ එපමණක් පමණි. ඒ වදන් පෙළ නැවත නැවත තම දෙසවන තුළ රැවි පිරිළව් දෙද්දී ඩෙරික්ගේ මෝටර් රථය නොසිතූ මොහොතක පාර අයිනේ වූ ලයිට් කණුවක් දැඩි ලෙස සිපගත්තේ නොසිතූ මොහොතක ඩෙරික්ගේ අවසන් හුස්ම පොද ද වා තලයට මුසු කරමිනි. නිමි.